ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් පහත වැටෙද්දී සෞදියේ තෙල් මිල සීඝ්රයෙන් ඉහළට පසුගිය සතියේදී ලෝක වෙළෙ බොරතල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 36 ක් දක්වා පහත වැටීමත් සමග මෙරට ඉන්ධන මිල ගණන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
සෞදි අරාබියේ අයවැය හිඟය අමෙරිකානු ඩොලර් බිලියන 98 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
එරට මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, සීඝ්රයෙන් පහත වැටුණු බොරතෙල් මිල මීට හේතුවී ඇති බව ය.
මෙම තත්ත්වය හමුවේ එරට ඉන්ධන සහනාධාරය කප්පාදු කිරීමට පියවර ගන්නා බව සෞදි රජය නිවේදනය කළේ ය.
එරට පෙට්‍රල් මිල ගණන් 50% ක් මේ අනුව ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ඩීසල් සහ ජල විදුලිය සඳහා කෙරෙන ගාස්තු ද ඉහළ නංවන බව සෞදි අරාබි රජය නිවේදනය කළේ ය.
රියාද් නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව කියා සිටියේ සෞදි අරාබියේ ඉදිරි වසරේ වියද ම අමෙරිකානු ඩොලර් බිලියන 260 ක් වුවත් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 162 ක් පමණ වනු ඇති බව ය.
එම සාකච්ඡාවේදී අනාවරණය වූයේ බොරතෙල් අලෙවියෙන් සෞදි අරාබිය මේ වසරේ ලද ආදායම ඉකුත් වසරට සාපේක්ෂව 23% කින් පහත වැටී ඇති බව ය.
2014 වසරේ මැද භාගයේ සිට මේ දක්වා කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් 40% කින් පමණ පහත වැටුණු අතර මේ වන විට ඩොලර් 40 කටත් අඩු මිලකට බොර තෙල් බැරලයක් අලෙවි වී තිබේ.







