තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබීම හේතුවෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පැවසී ය.
ජල සම්පාදන සේවකයින් පසුගිය සෙනසුරාදා සිට සති අන්ත අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණය කළේ, 2015 ප්‍රසාද දීමනා කප්පාදු කළ බවට විරෝධය පළ කරමිනි.
කෙසේ වෙතත් කප්පාදු කළ ප්‍රසාද දීමනාව සම්පූර්ණයෙන් යළි ලබා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද තීරණය කළේ ය.
එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා සඳහන් කළේ, සේවකයින් ඉල්ලා සිටි 37,500ක ප්‍රසාද දීමනාවෙන් 25,000ක් දැනට ලබා දී ඇති බව ත් ඉතිරි රුපියල් 12,500ක දීමනාව අද දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ත් ය.







