FAST NEWS

24×7 Around the Globe

“අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ” බිහි කිරීමට විමල් දිවයිනට ?

පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නිරතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (29) රාත‍්‍රීයේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ නම් වූ සිය දේශන මාලාව මගින් රට මුහුණ පා ඇති බරපතළ අවදානම පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම විමල් වීරවංශ මහතාගේ මෙම සංචාරයෙහි අරමුණ වී තිබිණි.

මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන “අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ” නමින් අලුත් දේශපාලන පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන මෙම “අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ”ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද හිතවාදී පිල, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්‌කාර මහතාගේ සමසමාජ බලවේගය ඇතුළු අනෙකුත් සංවිධාන ගණනාවක්‌ ඇතුළත් බව වාර්තා වේ.