FAST NEWS

24×7 Around the Globe

ආර්.සම්බන්ධන්ට ජනපති මෛත්‍රීගෙන් නව තනතුරක්.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරයෙකු ලෙස විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් 1981 වසරේද ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රියාකල අත්දැකිම් බහුල අයෙකි.

මෙම කමිටුව සදහා මිට කලින් නැගෙනහිර මහා ඇමති හාපිස් නසිර් අහමඩ් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.එම්.මහරුප් පත්කරණු ලැබ තිබුණි.

සංවර්ධන කමිටුවේ මංගල සැසිය ලබන ජනවාරි අවසන් සතියේ පැවැත්විමට විධි විධාන යොදා ඇතැයි එම කමිටුවේ ලේකම් දිසාපති එන්.ඒ.ඒ පුෂ්පකුමාර පැවසීය.