අයි.එස් ත්‍රස්තවාදීන් ග්‍රහණයේ තිබූ ඉරාකයේ – රාමදී නගරය යළි අත්පත් කර ගැනීමට ඉරාක රජයේ හමුදා සමත් වී තිබේ.
ඉරාක හමුදාව විසින් සිය ග්‍රහණයේ තබාගෙන තිබූ රාමදී නගරය පසුගිය දා අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගනු ලැබී ය.
කෙසේ වුව ද දීර්ඝ මෙහෙයුමකින් අනතුරු ව රාමදී නගරය යළි අයි.එස් ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට ඉරාක රජයේ හමුදා සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය මෑත කාලීනව අයි.එස් ත්‍රස්තවාදීන් ලැබූ දරුණු පසුබෑමක් ලෙස විචාරකයන් පෙන්වා දෙයි.







