FAST NEWS

24×7 Around the Globe

HNDA සිසුන්ට තවමත් වන්දි නෑ.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයට පහරදීමෙන් තුවාල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළ වන්දි මුදල් මෙතෙක් ඔවුන් වෙත ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

ශිෂ්‍යයන්ට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පොලිස් නිලධාරීන් 11 දෙනෙකු වැරදිකරුවන් බවට ප්‍රකාශ කර තිබියදීත් වැඩ තහනමකට ලක්කෙරුණේ එක් පොලිස් නිලධාරියෙකුගේ පමණක් බවත්, මේ නිසා සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන්නැයි ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.