FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා ඇරඹේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අද (28දා) උදෑසන 8.30 ට ආරම්භ වුබව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

ඉතිහාසයේ වැඩිම පිළිතුරු පත් ප්‍රමාණය මෙම විභාගයෙන් ලැබී තිබෙන බවත්, ආසන්න වශයෙන් පිළිතුරු පත් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 38,100කට ආසන්න ප්‍රමාණයක් යොදාගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ජනවාරි 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා මධ්‍යස්ථාන 87 ක් ස්ථාපිත කර ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.