ශ්‍රී ලංකාව තුළ වන සංහාරයක් වෙමීන් පවතින බවට ප්‍රකාශ කරමීන් පසුගියදා ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන පරිසර ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය දෙසැම්බර් මස 19 වනදා කොළඹ දී විරෝධතා පා ගමනක නිරත විය.
එහිදි එම සංඝ සම්මෙලනයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කර්මානත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙරට සිදුවන වන විනාශයේ එක් ප්‍රධාන කොටස්කරුවකු ලෙස දක්වමීන් විල්පත්තුව වනෝද්‍යානය තුළ වන සංහාරයක නිරත වන බවත් අමාත්‍යවරයා ඇතුලු පිරිසක් විසින් කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවද මාධ්‍ය හමුවේ චෝදනා එල්ල කර සිටියේය.
තමාට එල්ලවු වු මෙම චෝදනා වලට වහා ක්‍රියාත්මක වු අමාත්‍යවරයා එදිනම (19) කුරුදුවත්ත පොලීසියයේ පුජ්‍ය ආනන්නද සාගර හිමීයන්ට එරෙහිව රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා පැමීණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළේය.
පසුගිය දෙසැම්බර් 22 වන දින අමාත්‍යවරයා කළ පැමීණීල්ලට ප්‍රකාශයක් ලබා දීමට කුරුදු වත්ත පොලීසිය වෙත ආනන්ද හිමීයන් පැමීණි අතර එම හිමීයෝ සිය කොන්දෙසි කිහිපයක් මත ඇමතිවරයා වෙත රුපියල් කෝටි 100 ක වන්දි මුදල ලබා දීමට එකඟ වන බව එහිදි මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියහ.
දෙසැමිබර් මස 23 දින ආමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමීන් සඳහන් කර සිටියේ ජාතික සංඝ සම්මෙලනයේ පුජ්‍ය ආනන්ද සාගර හිමීයන් තමා වෙත එල්ල කරනු ලබන චෝදනා වලට ප්‍රසිද්ධ සංවාදයකදී පිළිතුරු ලබා දීමට සුදානම් බවයි.
අවසානයේ පුජ්‍ය ආනන්ද සාගර හීමියන් හා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යන දෙපාර්ශව විසින් විවෘත රූපවාහිනි සංවාදයකට එකගත්වය පළ කර ඇති අතර එ අනුව දෙසැම්බර් 28 වන සඳුදා දින හිරු රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන සළකුණ සජීවි සංවාදත්මක වැඩ සටහනට මෙම දෙපාර්ශවය සහභාගී වීමට නියමීතය.
කෙසේ වෙතත් තමාට ආනන්ද සාගර හිමීයන් විසින් එල්ල කර සිටිනා චෝදනා සර්ව සාධාරණ ලෙස ඔප්පු වුවහොත් සිය දේශපාලන දිවියට තිත තැබීමට සුදානම් බව 23 වනදා මාධ්‍ය හමුවෙදි අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා සඳහන් කළ අතර හෙට දින (28) හිරු සළකුණ සංවාදය තුලින් මෙම දෙපාර්ශවය විසින් ඉදිරපත් කරනු ලබන තර්ක විතර්ක පිළිබඳව ශ්‍රී ලාංකීය මහජනයා වැඩි අවධානයකින් පසුවනු ඇත.







