FAST NEWS

24×7 Around the Globe

පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රියක්.

පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන හ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතියට අමතරව මරදාන – රඹුක්කන නව සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම,මාතර – බෙලිඅත්ත නව සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම,මරදාන – වාද්දුව දක්වා නව සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම,නව ප‍්‍රවේශපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දීම,දුම්රිය ඇණිය වර්ධනය කිරීම සදහා බලවේග කට්ටල, මගී මැදිරි,තෙල් ටැංකි ආනයනය කිරීම,මහව – වව්නියාව දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම,අභ්‍යන්තර බහාලූම් අංගනය ස්ථාපනය කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි.