පළාත් අමාත්‍ය නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතාගේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගන්නා බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කර ඇත.
“පක්ෂාග්‍රාහීව ග්‍රෝත්‍රවාදීව පවුල් පාලනයකට යටත් කරන්න බෑ. ඒවට අපි යටත් වෙන්නේ නෑ. ඒවට යටත් වෙලා ප්‍රාණ ඇපකාරයෝ වෙලා අපි ඇමති ධූර දරන්නේ නෑ. එම තීරණය දැනුම් දෙනවා.“ යැයිද ඇමතිවරයා අවධාරණය කළේය.
දැන් රටේ තිබෙන්නේ බස්නාහිර පළාත් සභාවේ ජනවරම නොවන බවත් එය කිහිපදෙනෙකු අවබෝධ කරගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍ය, නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතාගේ විෂයන් 6ක වැය ශීර්ෂ අද 45ට 23ක් ලෙස බස්නාහිර පළාත් සභාවේදී පරාජයට පත්විය.
2016 වසරට අදාළ වැය ශීර්ෂ පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා විසිනි.
එම වැය ශීර්ෂ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමට අනූව ඡන්දයක් පැවැත්විණ.
මන්ත්‍රීවරුන් 104 දෙනෙකුගෙන් සමන්විත බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රැසක් අද සභාවට නොපැමිණ සිටියද පැමිණ සිටි අය අතුරින් 45 දෙනෙකුම ඊට විපක්ෂ වී තිබේ.
එජාප මන්ත්‍රීවරුන් ඇතුළු 23 දෙනෙකු ඊට සහය පළ කර ඇත.
එහෙත් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්, ෆොන්සේකා මහතාගේ මන්ත්‍රීවරුන් හා ජවිපෙ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.