FAST NEWS

24×7 Around the Globe

වෙනස සිදු වී අවුරුද්ද පිරෙන දවසට ජවිපෙන් උද්ඝෝෂණ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ පළමු සංවත්සරය යෙදෙන ලබන ජනවාරි 8 වෙනිදා රට පුරා උද්ඝෝෂණ සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ආණ්ඩුව ජනවරමට පිටුපා කටයුතු කිරීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණ සිදුකරන බවයි එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.