FAST NEWS

24×7 Around the Globe

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පැය 24 පුරා මෙහෙයුම්.

උත්සව සමය නිමිති කරගෙන බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පැය 24  පුරා ක්‍රියාත්මක මෙහෙයුමක් අනිද්දා (23දා) උදෑසන 6.00 සිට ජනවාරි 3 වැනිදා දක්වා සෑම පොලිස් ස්ථානයක්ම මූලික කර ගනිමින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයත් මෙම මෙහෙයුමට සහභාගි වන බවත්, අත්අඩංගුවට ගන්නා සියලුම රියදුරන් අධිකරණවලට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.