ඔස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් සුප්‍රකට ක්‍රවුන් සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත් වී මාස 04කින් පසුව ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ මෙම තීරණයත් සමග ක්‍රවුන් සමාගමේ පහත බැස තිබු කොටස්වල මිළ ද සීග්‍රයෙන් ඉහළගොස් ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන බවට ද ජේම්ස් පැකර් මීට පෙර ප්‍රකාශකර තිබිණ.
ඒ හේතුවෙන් ලංකාව තුල නිර්මාණය වුයේ දැඩි මතබේධාත්මක තත්ත්වයක්.
ඔහු ක්‍රවුන් සමාගමේ ඩොලර් බිලියන 9 ක වටිනාකමින් සියයට 53 කට හිමිකම් කියයි.
කෝටිපති ව්‍යාපාරිකයා සිය තීරණයට හේතුවක් මෙතෙක් නිශ්චිතව හෙළිකර නැති අතර සිඩ්නි / මෙල්බර්න් සහ ලාස් වෙගාස් නගරවල සංවර්ධන ව්‍යාපෘති රැසකට සිය ශක්තිය යෙදවීමට අපේක්ෂා කරන බව ජේම්ස් පැකර් ප්‍රකාශ කර ඇත.







