FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද අයවැය පළාත් සභාවට.

උතුරු මැද පළාත් සභාවේ 2016 වර්ෂය සදහා වු අයවැය ප්‍රකාශය පළාත් ප්‍රධාන අමාත්‍ය හා මුදල් අමාත්‍ය පේෂල බණ්ඩාර ඡයරත්න විසින් අද පළාත් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය.

එ අනුව උතුරු මැද පළාත් සභාවේ ලබන (2016) වර්ෂය සදහා මුලු වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 23080.75 කි.

මුලු ලැබීම් ඇස්තමේන්තුව 20980.917කි. මුලු ලැබීම් ඇස්තමේන්තුවෙන් මුලු වියදම් ඇස්තමේන්තුව අඩු කළ පසු රුපියල් මිලියන 2099.833ක අය වැය හිගයක් බලාපොරොත්තු වේ.

මෙම අයවැය හිගය පියවීම පිළිබදව අදහස් දැක්වු පළාත් මුදල් අමාතවරයා ප්‍රකාශ කළේ ණය මුදල් ලබාගෙන පළාතෙන් පිටතට ස්ථාන මාරුවීම් ලබා ගෙන ගොස් සිටින නිළධාරීන්ගෙන් පළාත් සභාවට අයවිය යුතු ණය ශේෂ රුපියල් මිලියන 25ක් අයකර ගෙන අයවැය පරතරය අඩු කර ගැනීමට කටයුතු කරණ බව සදහන් කළේය.

එසේම ඊට අමතරව ඉතිරි රුපියල් මිලියන 2074.833 පමණ වන අයවැය හිගය මධ්‍යම රඡයේ අතිරේක ප්‍රතිපාදනයන් ලබාගෙන පියවා ගැනීමට බලාපොරොත්තු වන බවත්මේ පිළිබදව දැනටමත් මුදල් අමාත්‍යංශය හා මුදල් කොමිසන් සභාව සමග සාකච්ඡා කොට ඇති අතර එය 2016 වසරේ දී ලබා දීමට එකග වු බවද අමාත්‍යවරයා පැවසිය.