නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ සිදුකරන වෛද්‍ය ප්රතිකාරවලින් පසුව ප්‍රකාශ සටහන් කරගැනීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥයින් පියවර ගන්නා බව වාර්තා වේ.
මේ වනවිට සිව් වතාවක් පමණ නිශ්ශංක සේනාධිපති මහතාට කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. යම් හෙයකින් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොමිසම හමුවට පැමිණීම පැහැර හැරියොත් ඒ සම්බන්ධව කොමිසම ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිතය. සේනාධිපති මහතාගේ නීතිඥයින් නිරතුරුවම දැනුවත් කරමින් සුහදශීලීව ක්‍රියාකරන බැවින් ඉදිරියේදී සේනාධිපති මහතා කොමිසමට පැමිණෙනු ඇතැයි විමර්ශන නිලධාරින්ගේ අදහසයි.







