FAST NEWS

24×7 Around the Globe

සියලුම මාධ්‍යවේදීන්ට නොමිලේ ස්මාර්ට් ෆොන්.

මෙරට සියලුම මාධ්‍යවේදීන්ට නොමිලේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සහන මිලට ‍ඩේටා  පැකේජයක් ලබාදීමට කටයුතු කරනබව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය විවාදයේ කාරක සභාවේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැය  ශීර්ෂය යටතේ අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ‍යේ ලියාපදිංචි වී සිටින සියළුම මාධ්‍ය‍වේදීන්ට ‍ස්මාර්ට් දුරකතනය හා ‍ඩේටා පැ‍කේජය ලබන වස‍රේ සිට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම නවීන තාක්ෂණය ඔස්‍‍සේ සියළුම ආයතනය ඩිජිටල්කරණය කිරීමට අ‍‍පේක්ෂා කරනවා. තාක්ෂණය ගමට ග‍නයාමට විධිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරීමට කටයුතු කරනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දුරකතනයක් සහ ‍”මෙත්කළගුණ පැ‍කේජයක්” ලබාදීමටත් විශ්ව විද්‍යාල සිසූන්ට ‍ලබන ව‍‍ස‍රේ සිට ටැබ් යන්ත්‍රයක් ලබාදීමට මගේ අමාත්‍යංශය සැලසුම්කර තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කී‍වේය.