FAST NEWS

24×7 Around the Globe

ජනපති මැදිහත් වීමෙන් එජාප හා ශ්‍රීලනිප විශේෂ සාකච්ජාවක්.

අය- වැය තුළ වෙනස් කර ගත යුතු තවත් ප්‍රධාන කරුණු කිහිපයක් ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මුදල් ඇමති රවී කරුණානායක මහතා සමග ජනපතිගේ මැදිහත් වීමෙන් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප නියෝජනය කරන අමාත්‍යවරු සූදානම් වෙති.

මේ ගැන ජනපති හමු වී, ශ්‍රීලනිප නියෝජනය කරන අමාත්‍යවරුන් ඊයේ(17) සාකච්ඡා කළ අතර එහි දී එකඟ වී ඇත්තේ අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා සමග කතා කිරීමටයි.

අයවැය තෙවන වන වර කියවිමේ ඡන්ද විමසීම ද හෙට(19) පස්වරු 05.00 ට පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හෙට(19) පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම දෙසැ 02 පැවැත්වුණු  අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159 ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 52 ක් හිමිවිය.

ශ්‍රීලනිපයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නන් විරුද්ධව ඡන්දය දුන් අතර ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍යවරු පක්ෂව ඡන්දය දුන්හ.

දැනට පවතින්නේ පළමුව කළ අය- වැය නොව සංශෝධිත අය – වැයකි. මේ නිසා අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හෙට(19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.