FAST NEWS

24×7 Around the Globe

අල්කයිඩාවේ ඉන්දියානු ප්‍රධානීන් දෙදෙනෙකු අත්අඩංගුවට.

අල්කයිඩා සංවිධානයේ ඉන්දියානු ශාඛාවේ ප්‍රධානීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට දිල්ලි අගනුවර පොලීසිය පවසා තිබේ.

ඉන්දියානු අර්ධද්වීපය හා දකුණු ආසියානු කලාපය තුළ මෙම ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් කෙරෙහි මෙම අත්අඩංගුවට ගැනීම දැඩි පහරක් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්වූවන් අතරින් මුහම්මද් අසීෆ් නැමැත්තා මෙම කලාපයේ අල්කයිඩා සංවිධානය පිහිටුවීමට කටයුතු කළ අයෙකු ලෙසද පොලීසිය හඳුනාගෙන ඇත.

අලිකයිඩා සංවිධානය මීට වසරකට පෙර දකුණු ආසියානු කලාපය තුළ සිය මෙහෙයුම් අරඹා ඇති බවත්, එය අල්කයිඩා සංවිධාන ශක්තිය වැඩිකිරීමේ අරමුණින් සිදුකළ එකක් බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

බංග්ලාදේශ බ්ලොග්කරුවන් හතර දෙනෙකු හා පකිස්තානය තුළ සිදුවූ ඇතැම් ඝාතනවලට මෙම අල්කයිඩාවරුන් සම්බන්ධ බවට ඔවුන් විසින්ම පවසා තිබුණි.