FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වැදගත් තීන්දු තීරණ රැසකට එළඹෙයි.

පළාත් පාලන ඡන්දය ලබන අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණී.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල ඊයේ (17) රැස්වීම පැවති අතර අයවැයෙන් තවදුරටත් සහන සැළසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

පක්ෂයේ ප්‍රතිසංස්කරණ මන්ත්‍රීවරුන් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එම කටයුතු අධීක්ෂණය සදහා මණ්ඩලයක් පත් කිරීමට ද තීරණය මෙහිදි සිදු කර ඇත.

ලබන පෙබරවාරි මාසයේ පක්ෂ මහ සමුළුව පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන්ව තිබේ.

එමෙන්ම මෙහිදි පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.