FAST NEWS

24×7 Around the Globe

එෆ්සීඅයිඩීයට එරෙහි පෙත්සම පස්සට දමයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණයේදී විභාග කර සිටියේය.

එහිදී වගඋත්තරකාර පාර්ශවය කියා සිටියේ මෙම පෙත්සමට අදාළ මූලික විරෝධතා ගොනු කිරීම සඳහා ලබන සඳුදා දක්වා කාලය ලබාදෙන ලෙසය.

ඒ අනුව ඊට අවසර ලබාදුන් අභියාචනාධිකරණය මෙම පෙත්සම් විභාගය ලබන වසරේ ජනවාරි මස 11 වනදා දක්වා කල් තැබුණි.