FAST NEWS

24×7 Around the Globe

ඇමති මුස්තාපාගෙන් පුංචි ජන්දය ගැන වැරදි ප්‍රකාශයක් නිවැරදි කර ගනී.

එළැඹෙන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පසුව ඡන්ද විමසීම පැවැත්වෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා අද පැවති මාධ්‍ය හමුවක දී වැරදීමකින් පැවසීය.

ඒ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳව අදහස් පල කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහෙත් මාධ්‍ය හමුව අවසන් වූ විගස යළි මාධ්‍යවේදීන් ඉදිරියට පැමිණි අමාත්‍යවරයා පැවසුවේ තමන් වැරදි ප්‍ර‍කාශයක් කළ බවයි.

ඔහු සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එළැඹෙන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර බවයි.

එබැවින් තමන් මුළින් කළ ප්‍ර‍කාශය පල නොකරන්නැයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.