කටුනායක ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් තමන් අපහසුතාවට පත්කරන ආකාරයේ පරික්ෂා කිරීමක් ආරම්භ කර ඇතැයි කියමින් එහි රේගු නිලධාරීන් මේවන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.
රේගු නිලධාරීන්ගේ ගමන් මළු මෙන්ම කෑම පැකැට්ටුව පවා ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම නිසා සේවය කිරීමේදී අපහසුතාවට පත්වන බව ඔවුන් ප්රකාශ කරයි.
මෙම පරික්ෂා කිරීමට විරෝධය පා අද (16) පෙරවරු 11 සිට වර්ජනයක් ආරම්භ කළ බවත්, ඊට නිලධාරීන් 50ක් පමණ සම්බන්ධ වී සිටින බවත්, රේගු නිලධාරීන් පවසති.
මේ සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ දැනටමත් සාකච්ඡාවක් යන බවද සාකච්ඡාවෙන් අනතුරුව වර්ජන ක්රියාමාර්ගය ගැන තීන්දුවක් ගන්නා බවද වාර්තා වේ.
මේ අතර ශ්රීලන්කන් ගුවන් සමාගමේ ප්රකාශකයෙකු පැවසුවේ මෙම වර්ජනය හමුවේ ලන්ඩනය, බීජිං, සිංගප්පූරුව හා ලාහෝර් බලා යාමට නියමිත ගුවන් යානා ප්රමාද විය හැකි බවයි.







