FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් අවි 56කට බලපත්‍ර නැහැ.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ තුවක්කු 56ක බලපත්‍ර දීර්ඝ කිරීම මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

එම සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය ඇතුළු රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන හෙයින් රහස් පොලීසියෙන් නිර්දේශයක් රැගෙන එන ලෙස එම සමාගමට දන්වා ඇති බව ද දැනගන්නට ඇත.

එම තුවක්කුවලට  දෙසැම්බර අග දක්වා බලපත්‍ර ඇති බවත්, ඉන් පසු 2016ට බලපත්‍ර නිකුත් නොකළහොත් ළඟම ඇති පොලීසියට එම අවි බාර දීමට සිදුවන බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.