FAST NEWS

24×7 Around the Globe

රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතුයි.

ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර ඇත.

එම පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

ඇවන්ගාඩ් සමාගම රජය සමග ගිවිසුම් අත්සන් කරලා දෙපාර්ශ්වයටම එකඟ වී තිබෙනවා. යම් පාර්ශ්වයක්‌ තනි තීරණයකට එයින් ඉවත් වනවා නම් ඒ අය අනෙක්‌ පාර්ශ්වයට රුපියල් මිලියන 40,000 ක්‌ ගෙවන්න ඕනේ. අපි ගිවිසුම ප්‍රකාරව කටයුතු කළත් රජය ඒ ගිවිසුම කඩ කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම අහෝසි කරන්න රජය පියවර අරගෙන නෑ.

නාවික හමුදාවට මෙම සමාගමේ කටයුතු පවරලා පෙරේදාට (14දා) මාසයක්‌ ගත වෙනවා. මේ නිසා 6754 ක ගේ රැකියා අහිමි වෙලා. ඒ වාගේම සෘජු හා වක්‍ර ආදායම් බොහොමයක්‌ නැවතිලා. මේ නිසා විශාල පිරිසක්‌ අසරණ තත්ත්වයට පත් වෙලා.