FAST NEWS

24×7 Around the Globe

රවීගේ චෝදනා සෙවීමට තේරීම් කාරක සභාවක්.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයේ චෝදනා සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම චෝදනා බොරුනම් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් දැයි අග්‍රාමාත්‍යවරයා අදාළ විශ්වාසභංගය ඉදරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීය.

කෙසේ වෙතත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ විශ්වාසභංගයට දිනයක් ලබාදෙන ලෙසයි.