දුම්රිය ප්‍රවේශපත්‍රවල හිඟයක් ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය පවසනවා. එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි.
දුම්රිය ප්‍රවේශපත්‍ර මුද්‍රණ අංශය මේ වන විට අකර්මන්‍ය වී තිබෙනවා. එය යන්ත්‍ර 4කට සහ සේවකයින් පස් දෙනෙකුට පමණක් සීමා වී ඇති බවයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය පවසන්නේ.
දිනක දුම්රිය ප්‍රවේශපත්‍ර අවශ්‍යතාව ලක්ෂ හයකට ආසන්න වනවා. එහෙත් දිනකදී මුද්‍රණය කළ හැක්කේ ප්‍රවේශ පත්‍ර දෙලක්ෂ හැටදහසක් පමණක් බවද සංගමය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා.








