FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභාවේ විපක්ෂනායක ධුරය ජවිපෙට ඉල්ලයි.

ඌව පළාත් සභාවේ විපක්ෂනායක ධුරය  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට  දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ  ලේකම් ටිල්වින් සිල්වා මහතා  තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඌව පළාත් සභාවේ සභාපති ඒ. එම්. බුද්ධදාස මහතා  අද (14දා) පළාත් සභාව ආරම්භයේදී ප්‍රකාශ කළේය.

ඌව පළාත් සභාවේ  හිටපු විපක්ෂනායක පළාත් සභාමන්ත්‍රී  උපාලි සමරවීර මහතා  ඉකුත් 3 වනදා සිට ඇමතිවරයෙක් බවට පත්විමත් සමග ඌව පළාත් සභාව දෙමුහුන් ඇමති මණ්ඩලයක් ඇති පළාත් සභාවක් බවට පත්වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා සිය ලිපියෙන් දන්වා තිබෙන බවද සභාපතිවරයා පවැසීය. ඒ පිළිබඳව තිරණයක් ගැනිම කල් තබන බවද ඔහු සඳහන් කළේය.