කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවෝ පිරිසක් අද උදෑසන පැවැත්වූ උද්ඝෝෂණයක් නිසා කටුනායක ගුවන් තොටුපල ඇතුළු ඇවරිවත්ත ප‍්‍රදේශයේ ගමනාගමන කටයුතු පැයකට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව කටුනායක පොලිසිය පවසයි.
උදේ 7.00 සිට 8.00 දක්වා මෙම පිරිස උද්ඝෝෂණයේ යෙදුනු අතර මේ හේතුවෙන් ඇතිවූ වාහන තදබදය පෙරවරු 8.30 දක්වා පැවැති බව පොලිසිය සදහන් කළ බව අප වාර්තකරු සදහන් කලේය.
අහිතකර අයවැය යෝජනා පරාජය කරමු.අර්ථසාධකයට අත නොතබනු. දීමනාවන් වැටුපට එක්කරනු. ආදි ඉල්ලීම් ගණනාවක් මෙම උද්ඝෝෂණයට එක්වූ පිරිස් ඉදිරිපත් කරනු ලැබූහ.
උදේ සේවා මුරයට පැමිණි සේවක සේවිකාවන් මෙන්ම රාති‍්‍ර වැඩ මුර අවසන් කළ පිරිස් මේ අවස්ථාවට එක්ව සිටි බව සදහන්.
ඉන් ඇතිවූ වාහන තදබදය ආඩිඅම්බලම දෙසටත් ,මිනුවන්ගොඩ යාගොඩමුල්ල මාර්ගයේත් පැවති අතර කටුනායක ගුවන් තොටුපලට හෝ අධිවේගී මාර්ගයට ඇතුලූවීමට මෙන්ම පිටවීමට මහත් බාධාවක් ඇතිවුූ බව පොලිසිය කියයි.
කොළඹ මීගමුව මාර්ගයේ වාහන ගමනාගමනයට ද ඉන් බාධා සිදුවූ බවයි පොලිසිය පවසා ඇත්තේ.
අර්ථ සාධකයට අත තබන්නට උත්සාහ කළ රාජපක්ෂලා පවා පරාජය කළ බවත් එසේම අහිතකර අයවැය යෝජනා සියල්ල පරාජය කරන බවත් උද්ඝෝෂණයේ යෙදුනු පිරිස් පැවසූහ.







