FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමැති බැසිල්ට අධි චෝදනා හයක් යටතේ නඩු.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා දිවිනැඟුම හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.ඒ. රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ එසේ නඩු පවරා ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මේ මුදල් පරිහරණය කර ඇති බවට හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය, ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා නඟමින් නඩු පවරා ඇත.

මෙම නඩුව නොබෝ දිනකින් කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ අයතා ගනුදෙනු සිදුව ඇතැයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා මිට ඉහතදී රිමාන්ඩ් භාරයට ද පත්කර සිටි අතර, මාස කිහිපයකට පසු ඇප ලබාදෙනු ලැබිය.