වෘත්තීය සමිති නායකයන් සමඟ 12 වැනිදා පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14 වැනිදා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අගමැතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකරනුයේ එම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලීම මත බව ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.
මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු සියලුම වෘත්තීය සමිති නායකයන් විශේෂ සාකච්ඡාවකට පෙරේදා (12 වැනිදා) අරලියගහ මන්දිරයට කැඳවා අගමැතිවරයා පැය තුනකට අධික කාලයක් මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
එහිදී වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් සම්බන්ධව අගමැතිවරයා හොඳින් ඇහුම්කන්දී ඒ සම්බන්ධව ආණ්‌ඩුවට ගතහැකි පියවර සම්බන්ධවද අදහස් ප්‍රකාශ කර ඇත.
අදාළ සාකච්ඡාවට වෘත්තීය සමිති රැසක් සහභාගි වී සිටිමුත් දෙපාර්ශ්වයට අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය.
අද (14) ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟ වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීමට නියමිත යෑයි එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා පැවැසීය.







