FAST NEWS

24×7 Around the Globe

අගමැති සමඟ සාකච්ඡා අසාර්ථකයි – 15ව එකාබද්ධ වැඩ වර්ජනයක්.

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් පෙර තීරණය කරගත් පරිදි 15වැනිදා ඒකාබද්ධ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

2016 අයවැය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෘත්තීය සමිති නායකයින් අදාළ තීරණය දැනුම් දුන් අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුවේ  සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ පැවති සාකච්ඡාවලින් සාධනීය විසඳුමක් නොලැබුණු බවයි.