වෘත්තීය සමිති 100ක නියෝජිතයින් සහ අග්රාමාත්යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (12)පැවැත්වේ.
ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්රිය මහතා පැවසුවේ, අයවැය යෝජනා තුළින් රාජ්ය, අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශයට ඇති කර ඇති බරපතළ ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව ය.
එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් 15 වන දා අනිවාර්යයෙන් ම වැඩ වර්ජනයකට යොමු වන බව ඔහු සඳහන් කළේ ය.







