සියලු වෘත්තීය සමිති එක්ව අකුරට වැඩ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කර විසඳුමකට එළැඹීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් සියලු දෙනා හෙට (12) උදේ 8.30ට හමුවීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.







