FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත්තැයි කියු නාරාහේන්පිය ස්ථානාධිපති රිමාන්ඩ්.

ඉඩමකට කූඨ ලේඛන සෑදූ බව කියන කොහුවල ව්‍යාපාරිකයකුට එරෙහිව නීතියෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ 25 ක අල්ලස් ගත්තැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලක අද (11) රුපියල් 15,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ලබන 7 වැනිදාට නඩුව කල් තැබිණි.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සිරි සුගතපාල මීට පෙර නඩුවාරයේදී ඇප මත නිදහස් කැරිණි.