FAST NEWS

24×7 Around the Globe

කැනඩාවෙන් කොටි ආයුධ ජාලයේ ප්‍රධානියාව රකියි.

කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා යයි හඳුන්වන රවි ශංකර් කනගරාජා නමැත්තාට කැනඩා රජය විසින් දේශපාලන රැකවරණ ලබාදී තිබේ.

මොහුට එරෙහිව වවුනියා මහාධිකරණය වරෙන්තුවක්‌ද නිකුත් කර ඇත.

කනගරාජා රවි ශංකර් කොටි සංවිධානයට අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සැපයීමේ නිරතවූවකු වන අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තුවක්‌ද ප්‍රකාශයට පත් කර ඇත.

රවි ශංකර් කනගරාජා ගැන මෙරට බුද්ධි අංශවලට හෙළිවූයේ මුලතිව් බංකරයක තිබූ රහස්‌ ලියවිල්ලකිනි.

මොහු ශ්‍රී ලංකාවට බාර දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය කළ ඉල්ලීම ගැන කැනඩා රජය ප්‍රතිචාර දක්‌වා නැත.