FAST NEWS

24×7 Around the Globe

විදුලිබල අමාත්‍ය රංජීත් සියඹලාපිටියගෙන් සී.අයි.ඩීයට පැමීණිල්ලක්.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලට බැර විය යුතු රුපියල් බිලියන 3ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළේ, විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ය.

අදාළ පැමිණිල්ලෙන් දැක්වෙන්නේ, එම මුදල් 2009 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති නමුත් එම මුදල්වලට සිදු වූයේ කුමක්දැයි මෙතෙක් නොදන්නා බව ය.