FAST NEWS

24×7 Around the Globe

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

සංශෝධනවලට යටත්ව ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්විණ.

එහිදී අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විරෝධය පළ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ එමගින් සුළු පක්ෂවලට අසාධාරණයක් වන බවයි.

එසේ වුවද මෙම අවස්ථාවේදී එකී යෝජනාවට සහය දෙන ලෙසත් ගැටලු විසඳා ගැනීමට හැකි බවත්, ජනාධිපතිවරයා පවසා ඇතැයි සඳහන්ය