FAST NEWS

24×7 Around the Globe

වෙල්ගම හා සිරිපාල පාර්ලිමේන්තුව උණූසුම් කරති.

ප්‍රවාහන අමාත්‍යංශය වැය ශීර්ෂය විවාදයට ගන්නා අද(09)  දිනයේ හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සහ වත්මන් අමාත්‍ය නිමල් සිරිපාල මහත්වරු අදහස් දැක්වීමෙන් පාර්ලිමේන්තුව තරමක් උණුසුම් තත්වයක් ඇතිවිය.

පසුගිය වරසර පහ තුළ සේවකයන්ගේ EPF/ ETF පවා ගෙවීමට කටයුතු කර නොමැති බවත් ලංගම බස් මගින් ලැබෙන ආදායමෙන් සේවක වැටුප් ගෙවාගැනීමට නොහැකි තත්වයක් තුළ අදායමින් ගෙවන්නට බස් ගෙනවිත් ඇතිබවත් නිමල් සිරිපාල අමාත්‍යවරයා චෝදනා කළේය.

නමුත් එම චෝදනා වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතික්ශේප කළ අතර එහිදී කරුණු දැක්වීමේදී උණුසුම් කාරී තත්වයක් ඇතිවිය.