ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි සහ ඇගේ පුත් රාහුල් ගාන්ධිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
ඉන්දීය කොංග්රස් පක්ෂයේ මුදල් අවභාවිතය කළ බව එල්ලවූ චෝදනා මත ඔවුන් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගකර ඇත.
ඉන්දීය රුපියල් කෝටි පන්දහසක් අවභාවිත කළ බවට චෝදනා එල්ලවී ඇති අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් වී තිබුණි.
ඉන්දීය ආණ්ඩුවේ දේශපාලනඥයෙකු එම පෙත්සම ඉදිරිපත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නමුත් සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි තමන්ට එරෙහි එල්ල වන සියලු චෝදනා ප්රතික්ෂේපකර ඇත.







