FAST NEWS

24×7 Around the Globe

දෙමළ සැකකරුවන් ගැන ඇමති කිරි ඇල්ලගෙන් මන්ත්‍රී ඩලස්ට පිළිතුරක්.

එතෙර සිටින දෙමළ ජාතිකයන්ගේ සංවිධාන කිහිපයක තහනම ඉවත් කළේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීරණය කළේත් බුද්ධි තොරතුරු සොයාබැලීමෙන් පසුව විශේෂ කමිටුවක නිර්දේශ මත යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ඇමැති කීවේ එය රජය හිතුමතේට ගත් තීරණයක් නොමැති බවයි.

මෙම සැකකරුවන් මුදා හරින බව විදේශ ඇමති මංගල සමරවීර මහතා 2015 මැයි 15 වැනි දා ප්‍රකාශ කර ඇතැයි ද අලහප්පෙරුම මහතා කියා සිටියේය.