FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන සීමා නිර්ණය වාර්තාව ජනවාරි මැද .

පළාත් පාලන කොට්ඨාස නිර්ණය කිරීම පිළිබඳ වූ සීමා නිර්ණය කොමිෂන් සභාවේ කටයුතු ලබන ජනවාරි 15 වැනි දා ට පෙර අවසන් කොට අවශ්‍ය නම් ලබන අප්‍රේල් හත් වැනි දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා කීවේය.

නව පළාත් පාලන පනත මගින් මතුවන අභියෝග මැයෙන් කැෆේ සංවිධානය කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී සංවිධානය කළ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.