ආණ්ඩුවේ දින 100 අවසන් හෙයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමටත්, වර්තමාන ජනාධිපති හා හිටපු ජනාධිපතිවරයා එක්කගනිමින් ඉදිරි මහ මැතිවරණයට සන්ධානයක් ලෙස තරඟ කිරීමටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ 14 ක් එක්ව යෝජනාවක් සම්මත කරගත් බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
සන්ධානයේ එම යෝජනා ගැන දින දෙකකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කරන බව ප්‍රේමජයන්ත මහතා පවසයි.







