දශක දෙකකට ආසන්න කාලයක් වෙනිසියුලාවේ පාලන බලය හෙබවූ සමාජවාදී පක්ෂයේ ආධිපත්‍ය පෙරලා දමමින් පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එරට විපක්ෂ සන්ධානය සමත් වී තිබේ.
වෙනිසියුලාවේ මහ මැතිවරණයෙන් විපක්ෂ සන්ධානය මේ දක්වා දිනා ගෙන ඇති පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව අනූ නවයකි.
වසර දාසයකට පෙර බලයට පැමිණි සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හතළිස් හය දක්වා පහත බැස තිබේ.
තවත් ආසන විසි දෙකක මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.
වෙනිසියුලාවේ හිටපු නායක හියුගෝ චාවේස්ගේ මූලිකත්වයෙන් 1999 වසරේදී පිහිට වූ වාමාංශික ව්‍යාපාරය ලද දරුණුතම පරාජය මෙයයි.
හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු 2013 වසරේදී ජනාධිපති ධුරයට පත් නිකොලොස් මදුරෝ මැතිවරණ පරාජය භාර ගන්නා බව පැවසීය.







