සාමාන්‍ය පෙළ විභාගයේදී සෞඛ්‍ය විෂය සමත් වීම උසස් පෙළ සදහා අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඇසූ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේය.
ඉදිරියේදී සිසුන් රුධිර පරික්ෂණ සදහා යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර එච්.අයි.වී අසාධිතයන් හදුනා ගැනීමයි මෙහි අරමුණ වී බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව මෙරට සියලු පාසල් සිසුන් රුධිර පරික්ෂණයට ලක් කෙරෙන අතර විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේදී රුධිර පරික්ෂණය අනිවාර්ය කරන බව රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්හ.
එච්.අයි.වී ආසාධිතයන් 2265 ක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන අතර ඉන් දරුවන් 70 දෙනෙකු අවුරුදු නවයට අඩු බාල වයස්කරුවන් බව සඳහන් වේ.







