ලොව පුරාම එල්ල වී ඇති ත්‍රස්‌ත තර්ජන හමුවේ බණ්‌ඩාරනායක ගුවන්තොටුපොලේ ද ආරක්ෂාව තර කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලන්කන් හා මිහින් එයාර් ගුවන් යානාවලත් ආරක්ෂක පියවර පිළිබඳ වඩා සැළකිලිමත්වන ලෙස ද සිවිල් ගුවන් සේවා අධිකාරිය උපදෙස් ලබා දී ඇත.
නව ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ මගීන් පරීක්ෂා කිරීම වඩා විධිමත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ලොව පුරා උද්ගත ව ඇති ත්‍රස්‌ත තර්ජන හමුවේ මෙරට ගුවන්තොටුපොලවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. සී. නිමලසිරි මහතා ප්‍රකාශ කරයි.







