ජපානයේ, කනගාවා ප්රදේශයදී ශ්රී ලාංකිකයෙකු පැහැර ගෙන කප්පම් ඉල්ලුවායැයි ශ්රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ඔක්තෝබර් 14 වන ද ශ්රී ලාංකිකයා පැහැර ගෙන ඔහුගේ සහෝදරයාගෙන්, යෙන් මිලියන 3.18ක මුදලක් ඉල්ලා ඇති අතර සති දෙකක් තුළ මුදල් ලබා නොදුණහොත් පැහැරගත් පුද්ගලයා මරා දමන බවට තර්ජනය කළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
පසුව පැහැර ගැනීමට ලක් වූ ශ්රී ලාංකිකයා ජපානයේ අෂිකාගා ප්රදේශයේ රඳවා සිටියදී සොයාගෙන ඇත.
කප්පම් මුදල ලබාදුන්නේද යන්න පිළිබඳව හෙළි වී නැත.







