FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා ජීවන රගමඬලෙන් සමුගනියි.

අද අළුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යන විට 78 වන වියේ පසුවූ ඒ මහතා කලක සිට රෝගාතුරව සිටියේය.

ටෙලි නාට්‍ය, චිත්‍රපට මෙන්ම ගුවන් විදුලි නාට්‍ය වලටද දායකත්වය දැක්වූ සුනිල් හෙට්ටිආරච්චි මහතා විකට චරිත වලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ජනප්‍රිය නළුවෙකි.

1982 වසරේ නිර්මාණය කෙරුණු කඩවුණු පෙරොන්දුව චිත්‍රපටයෙන්  සිනමා දිවියට එක්වූ ඒ මහතා හිත හොඳ චණ්ඩියා, නැව ගිළුණත් බෑන් චූං, දෙමෝදර පාලම, චෙරියෝ කැප්ටන්, කම් ඕ ගෝ චිකාගෝ, හායි හූයි බබි ආච්චි, වැඩ බැරි ටාසන්, මචං යන චිත්‍රපට වලට රංගනයෙන් දායක විය.