FAST NEWS

24×7 Around the Globe

එයාර් ඒෂියා යානය අනතුරට පත්විමේ හේතුව අනාවරණය වෙයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ අනතුරට හේතුව කාර්මික උපාංගයක දෝෂයක් බව ඉන්දුනීසියාවේ ප්‍රවාහන ආරක්ෂාව සම්බන්ධ ජාතික කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත.

මෙම අනතුරින් ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලේ සිට සිංගප්පූරුව වෙත ගමන්ගත් මෙම යානයේ කාර්යමණ්ඩලය ඇතුළු මගීන් 162දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

තවදුරටත් එම වාර්තාවේ දක්වා ඇත්තේ ගුවන් යානයේ පාලනයට සම්බන්ද  උපාංගයේ දෝෂය නිවැරදි කිරීමට ප්‍රධාන නියමුවා ගත් උත්සාහයේදී යානයේ ස්වයංක්‍රීය පාලක උපකරණ ක්‍රියා විරහිත වී ඇති බවයි. එම අවස්ථාවේ පාලක මැදිරි පාලනයෙන් මිදුනු යානය හැසිරවීමට සහාය නියමුවා අසමත් වී ඇත.

මෙම පද්ධතිය ගුවන්ගමන අතරවාරයේ සිව් වතාවක් අක්‍රිය වී ඇති බවද පර්යේෂකයෝ පවසති.

අනතුරට පෙර සිදුකල ගුවන්ගමන් වලදී එම පද්ධතිය 23 වතාවක් අක්‍රිය වී ඇති බවද වාර්තා වී ඇත.
හදිසි අවස්තාවකදී ක්‍රියා කළයුතු ආකාරයට කාර්යමණ්ඩලය කටයුතු කළේ නම් මෙම අනතුර වලක්වා ගත හැකි වනු ඇති බව පරීක්ෂකයන්ගේ මතයයි.