FAST NEWS

24×7 Around the Globe

පාවෙන අවි ගබඩාව පිළබඳ නීතිපතිට ගිය වාර්තා ඇවන්ගාඩ් ප්‍රතිෂේප කරයි.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර නීතිපතිට යොමුකළ වාර්තාවේ සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව ඇවන්ගාඞ් සමාගම සඳහන් කරයි.

එම සමාගමේ හිටපු වානිජ නෞකා ජ්‍යෙෂ්ඨ කළමනාකාර විශ්‍රාමික ලූතිනන් කර්නල් නිලන්ත ජයවීර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර ඇවන්ගාඞ් සමාගම කුලියට ගත් මහනුවර නැමති පාවෙන අවි ගබඩාවක් සහිත නෞකාව සම්බන්ධයෙන් නීතිපතිවරයාට වාර්තාවක් යොමු කළේය. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයක් පදනම් කරගනිමිනි.

නීතිපතිට යොමු කළ වාර්තාව මගින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගම ගිනි අවි ආඥා පනත උල්ලංඝනය කර ඇති බවයි.

ඒ නිසා එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ එම සමාගමේ අධ්‍යක්‍ෂ මංජුල කුමාර යාපා අත්අඩංගුවට ගත හැකි බව එම වාර්තාවේ සඳහන්. ඔවුන්ට ඒ සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඞී.එම්.එස්. ජයරත්න සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයද අත්අඩංගුවට ගත හැකි බවයි මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇවන්ගාඞ් සමාගමේ හිටපු වාණිජ නෞකා ජ්‍යෙෂ්ඨ කළමනාකාර විශ්‍රාම ලත් ලූතිනන් කර්නල් නිලන්ත ජයවීර සදහන් කළේ  තමන් ගිනි අවි ආඥා පනත උල්ලංඝනය නොකළ බවයි.