2016 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 05 ට ආරම්භ වීමට නියමිතය.
ජාතික ආණ්ඩුවේ පළමු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉකුත් නොවැම්බර් මස 20 වනදා මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා විසිනි.
අයවැය දෙවනවර කියවීමේ විවාදය ඉකුත් නොවැම්බර් මස 21 වනදා සිට අද දක්වා පුරා දින 09ක් පැවැත්විණි.







